වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ,ජනාධිපති අරමුදල ලේක් හවුස් ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටියි.
ඒ අනුව නව කාර්යාලය කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවත, ලේක්හවුස් ගොඩනැගිල්ල, 03 වන මහල, අංක 35 දරණ ස්ථානයේ ස්ථාපිත කර ඇත.








