FAST NEWS

24×7 Around the Globe

ලංකා සතොස 406 වෙනි ශාඛාව මන්නාරම සිලාවතුරේදී විවෘත කරයි…

 

පසුගිය 25 වනදා ලංකා සතොස 406 වෙනි ශාඛාව විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම සිලාවතුර නගරයේදී පැවැත්විය.

එම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී සහ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන්, මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. සුෆියාන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් සී.ඒ. මොහාන්රාස් යන මහත්වරු ඇතුලූ, ප්‍රාදේශීය දේශපාලනඥයින්, ලංකා සතොස ආයතනයේ ප්‍රධානීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී විය.