2010 වසරේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කර, හිටපු අමාත්‍ය සහ එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබු නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) තීන්දු කළේය.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු 05ක් ගොනු කළ අතර ඉන් එක නඩුවක තීන්දුව මෙසේ ප්‍රකාශයට පත් කෙරුණි.
විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව ,දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුවක ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළාය.








