FAST NEWS

24×7 Around the Globe

මාලි රාජ්‍යයේ මිය ගිය යුද හමුදා නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 50,000ක්..

 

පසුගියදා අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදා නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 50,000 ක පමණ වන්දියක් හිමි වනු ඇති බව යුද හමුදා ආරංචි මාර්ග සදහන් කරයි. 

එම ත්‍රස්ත ප්‍රහාරයේදී තුවාල ලැබූ අනෙකුත් හමුදා සාමාජිකයින් තුන්දෙනා වෙනුවෙන් ද වන්දි ලබාදීමට ජගත් සංවිධානය පියවර ගැනීමට නියමිතව ඇත.

ලෝකයේ කිසියම් හෝ රටක ආරක්ෂක අංශ නිලධාරීන්, ජගත් සාම සාධක හමුදා කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරන අතරතුර ත්‍රස්ත ක්‍රියාවලින් මිය ගියහොත් හෝ තුවාල ලැබීමක් සිදුවුවහොත්  ඔවුන් වෙනුවෙන් වන්දි පිරිනැමීම සාමාන්‍ය ක්‍රමවේදයයි.