FAST NEWS

24×7 Around the Globe

වතු කම්කරුවන්ගේ නව වැටුප් සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ..

 

වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදි අද (28) අත්සන් තබා තිබේ.

ඒ අනුව වතු හාම්පුතුන්ගේ සංගමය වෙනුවෙන් එම සංගමයේ අධ්‍යක්ෂක ජෙනරාල් කනිෂ්ක විරසිංහ සහ වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන්, ලංකා ජාතික වතු කම්කරු සංගමය වෙනුවෙන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් යන මහතුන් අත්සන් කර තිබේ.

මේ අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 700 ක් වශයෙන්ද තේ මිල අනුව දිනකට රු 50 මුදලක්ද අමතර තේ දළු කිලෝවකට රු 40ක්ද වශයෙන් නව අවබෝධතා ගිවිසුම අනුව වතු කම්කරුවන්ට වැටුප් ගෙවිමට නියමිත අතර මාස තුනක හිග වැටුප්ද ගෙවිමට නියමිත බව පැවසේ.

මෙම අවබෝධතා ගිවිසුම වසර දෙකකට බලපැවැත්වෙන බවද පැවසේන අතර මෙම අවබොධතා ගිවිසුමට විරෝධය පාමින් හැටන් ඇතුළු වතුකරයේ ස්ථාන කිහිපයක වතු කම්කරුවෝ විරෝධතාවයන්ද පැවැත්වනු ලැබුහ.