මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.
අපේක්ෂා රෝහලට ඖෂධ සපයනු ලබන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් වන අතර ඖෂධ ලබාගැනීමේ පටිපාටියේ ගැටළුවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බව රෝහලේ වැඩබලන අධ්යක්ෂ ප්‍රකාශ කරයි.








