FAST NEWS

24×7 Around the Globe

සන්ධාන ජාතික ලැයිස්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ අදහස් නොවිමසා ජාතික ලැයිස්තුව නම් කර තිබීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (26දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරූ බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණ නොදන්නා පරාජිතයන් පිරිසකට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව දී ඇත්තේ එම පක්ෂයෙන් මීට පෙර නම් කළ නියෝජිතයන්ට අසාධාරණයක් සිදුකරමින් බව අධිකරණයට කරුණු දන්වා ඇත.