ප්‍රවීණ රංගන ශිල්පී සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රවීන්ද්‍ර යසස් කුමානායක මහතා රිය අනතුරකට ලක්ව තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ ගම්මන්පිල ප්‍රදේශයේදී අද (28) අලුයම 4.45 ට පමණ මෙම රිය අනතුර සිදුව ඇති අතර ඔහු පදවාගෙන පැමිණි මෝටර් රථය ඔහුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඒ මහතාගේ තත්ත්වය බරපතළ නොවන බව හොරණ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පවසයි.
අනතුර සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.









