FAST NEWS

24×7 Around the Globe

මත් ජාවාරම්වලට එරෙහි වූ පොලිස් නිළධාරීන්ට අද (28) ජනපති සම්මාන…

 

 

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිළධාරීන් ඇගයීමට ලක්කෙරෙන ජනපති ප්‍රශංසා සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරු 10.00 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

2015 ජනවාරි 14 වනදා සිට පසුගිය ජනවාරි 14 තෙක් කාලය තුල විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට දායකත්වය දුන් පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් 1034 දෙනෙකු සදහා මෙහිදී පදක්කම් සහ සහතික පිරිනැමීමට නියමිතව තිබේ.

කාණ්ඩ තුනක් යටතේ මෙම ඇගයීම් පිරිනැමෙන අතර නිළධාරීන් 15 දෙනෙකුට පොලිස් වීරතා පදක්කම් පිරිනැමීමට ද නියමිතව ඇත.

මීට අමතරව තවත් නිලධාරීන් 59 දෙනෙකුට පොලිස් දක්ෂතා පදක්කම් පිරිනැමෙන අතර සෙසු පිරිසට ජනපති ප්‍රසංශා සහතික පිරිනැමීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.