බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ ගම්මන්පිල ප්‍රදේශයේදී අද (28) අලුයම සිදුවු රිය අනතුරකින් තුවාල ලැබූ ජනප්‍රිය රංගන ශිල්පී සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රවීන්ද්‍ර යසස් කුමානායක මහතා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව ඔහුගේ තත්තවය බරපතල නොවන බවත් හොරණ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.
රවීන්ද්‍ර යසස් කුමානායක මහතා පදවාගෙන පැමිණි මෝටර් රථය ඔහුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීම හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති බවද සඳහන්.








