FAST NEWS

24×7 Around the Globe

විමල් වීරවංශ අද (28) සී.අයි.ඩී යට..

 

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (28) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතය.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව ඉන්දීය ජාතිකයා හෙලි කළ කරුණු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා හෙතෙම කැඳවා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය 23 වනදා පාර්ලමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.