FAST NEWS

24×7 Around the Globe

උත්තරදේවි දුම්රියේ නව බලවේග කට්ටලය හෙට (27) ජනතා අයිතියට..

 

කොළඹ – යාපනය කන්කසන්තුරේ උත්තරදේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් හෙට (27) පෙරවරු 6.00 ට ආරම්භ කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට ඇමති අර්ජුණ රණතුංග සහ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරු සහභාගි වෙති. උතුරු දකුණු සංහිඳියාව සංකේතවත් කරමින් මෙම දුම්රිය ධාවනයට එක් කිරීම විශේෂත්වයකි.

ඉන්දියාවෙන් ආනයනය කළ උත්තර දේවි බලවේග කට්ටලයට අයත් මැදිරි සංඛ්‍යාව 06 කි. වායුසමනය කළ පළමු පන්තියේ මැදිරියක් මෙන්ම වායු සමනය කළ දෙවන පන්තියේ මැදිරියක් ද මීට අයත්ය.