FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධාන වාර්තාව සඳුදා ජනපතිට භාරදෙයි…

 

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ලබන සඳුදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට නියමිතව ඇත. 

පසුගිය 07 වනදා පත් කළ එම කමිටුවට සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත් වේ.

එම සමාගමේ පාඩුව අවම කර ගනිමින් ඉදිරියේදී එය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර අදාළ කමිටු නිර්දේශ තුළ ඇතුළත් බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය හර්ෂ ද සිල්වා සඳහන් කළේය.