ජනාධීපති මෛත්‍රෙීපාල සිරිසේන මහතා විසින් රාජකාරී කටයුතුවල නිරතව සිටියදී ආබාධිත තත්වයට හා ජීවිතක්ෂයට පත්වූ රණවිරුවන් වෙනුවෙන් ජීවිතාන්තය දක්වා වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබේ.
මෙහෙයුම් රාජකරිී කටයුතුවලදී හා ත්‍රස්තවදිී ක්‍රීයා හේතුවෙන් හෝ නීතිය ක්‍රීයාත්මක කිරීමේ කටයුතු වලදී ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දැවරුන් හෝ යැපෙන්නන් වෙත මෙතෙක් වැටුප් හා ගෙවීම් කරනු ලබන්නේ වයස අවුරුදු 55 තෙක් පමණයි.
ජනාධීපතිවරයාගේ උපදෙස් මත අදාල රණවරුවන් වෙනුවෙන් ජීවිතාන්තය දක්වා වැටුප් හා ගෙවීම් ලබාදීමට අදාල කටයුතු ඉදිරි මාස දෙක තුල සිදු කිරීමට නියමිත බවයි ජනාධීපති මාධ්‍ය ඒකකය නිවේදන කර තිබේ.








