ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය මාස 09 ක කාලය තුළ රුපියල් මිලියන 40,000 ක් පාඩු ලබා ඇති බව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේය.
වී අලෙවි මණ්ඩලය ද පාඩු ලබන රාජ්‍ය ආයතනයක් බව කෝප් වාර්තාවක් ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කෝප් සභාපතිවරයා පවසා සිටියේය.
එහිදී පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) , සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) කටයුතු පිළිබඳ මහජනතාවට දැනගැනීම පිණිස එම සභාවල කටයුතු වාර්තාකරණයට මාධ්‍යයට ඉඩ ලබාදෙන ලෙස ද ඒ මහතා විශේෂ ඉල්ලීමක් කළේය.
මෙම සභාවල කටයුතු වාර්තා කිරීමට දැනට මාධ්‍යයට අවස්ථාව නොමැති බැවින් ඒ සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, වරප‍්‍රසාද පනත් සංශෝධනය කර අවස්ථාව ලබාදෙන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.








