වත්මන් රජය විසින් එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජයේ ප්රතිපත්ති පිළිගන්නා සියලු පාර්ශ්ව එක් කරගනිමින් යහපාලනය සඳහා වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ඊයේ (24) තීරණය කර තිබේ.
අග්රාමාත්යවරයා හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ සහ පාර්ශ්ව ගණනාවක අවසන් තීරණය ලෙසට රජය විසින් මෙම තීරණය ගෙන ඇත.
යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජය පිහිටුවීමට අදාළ සාකච්ඡා මේ වන විට බොහෝ දුරට අවසන් වී තිබේ.








