ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාල යෝජනාවලට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවූ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය.
ඒ අනුව ගැසට් පත්‍රයේ පල කිරීම සදහා භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කරනු ලැබූ සංශෝධිත ගුරු සේවා ව්‍යවස්ථා කෙටුම්පත අනුමැතිය ලබා ගැනීම සදහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යළි යොමු කර ඇති බව එම අමාත්‍යංශය සදහන් කරයි.
ගුරු සේවා ව්‍යවස්ථාවේ අත්‍යාවශ්‍ය කරුණු 16 ක් සංශෝධනය කර තිබෙන අතර දීර්ඝ කාලයක සිට ගුරු සේවයේ විශාල පිරිසකගේ නොවිසඳුනු වෘත්තීය ගැටලු රැසකට මේ හරහා විසදුම් ලැඛෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.








