සිව්දින නිළ සංචාරයක් සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් මැතිණිය අතර හමුවක් අද (24) සිදුවිය.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයන් දෙපළගේ අවධානය යොමු විය.
වර්තමාන ශ්‍රී ලංකාව දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් මේ වන විට ඉදිරියට තබා ඇති වැදගත් පියවර පිළිබඳව ද සිංගප්පූරු ජනාධිපතිනිය ජනාධිපතිතුමා වෙත සිය ප්‍රශංසාව පළ කළාය.
ලංකාවේ මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනිම සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ ද සිංගප්පූරු ජනාධිපතිනියගේ ඇගැයීමට ලක් විය.
![]()
![]()








