බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් දූෂිත බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව පරීක්‍ෂණ පැවැත්වීමට විශේෂ කමිටුවක් පිහිටුවීමට තීරණය කර තිබේ.
එම කමිටුව සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සම්බන්ධ නොමැති වෙනත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් යොදා ගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ප‍්‍රථමයෙන් දූෂිත බන්ධනාගාර අධිකාරීවරුන් වෙනුවෙන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කෙරෙනු ඇත.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරීවරුන් 04 දෙනෙකුට එරෙහිව දැනටමත් පැමිණිලි ලැබී ඇති බවත් වාර්තා වෙයි.








