සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා වෙත එරට බලධාරීන් විසින් මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිංගප්පූරු රජය යොදාගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට හදුන්වා දීමට එකගතාවය පළකර ඇත.
එරට සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය සහ ජාතික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඩෙස්මන්ඞ් ලී මහතා ඇතුළු එරට මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ අංශවල නිලධාරීන් අතර හමුවක් අද (24) පෙරවරුවේ ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
ශ්‍රී ලංකාවේ මත් උවදුර මර්දනයට සහය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා එහිදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම එකගතාවය පළකර තිබේ.
ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ උදෙසා සිංගප්පුරුවේ සහය ලබාදීම පිළිබද සොයා බැලීමට සිංගප්පූරු රජය ද නියෝජනය කරමින් විශේෂ නියෝජිත පිරිසක් නුදුරේම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.








