FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතන 17 ක් සම්බන්ධ කොප් කමීටු වාර්තාව පාර්ලිමේන්තුවට..

 

අටවන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරයේ කෝප් කමිටුවේ පළමු වාර්තාව අද (24) පෙරවරුවේ එම කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

2017 වසරේ ජූලි 1 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කාලසීමාව තුළ රාජ්‍ය ආයතන 17 ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මෙම වාර්තාව තුළ අන්තර්ගත බව සභාපතිවරයා පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.