FAST NEWS

24×7 Around the Globe

සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කීපයකට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි…

 

ලබන සෙනසුරාදා (26) කොලඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන අතර සෙනසුරාදා පෙරවරු 8.00 සිට ඉරිදා පෙරවරු 08.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වන බව එම මණ්ඩලය සදහන් කරයි.

මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව,  පන්නිපිටිය, රුක්මල්ගම , පැලැන්වත්ත , මත්තේගොඩ ,හෝමාගම ,මීපේ සහ පාදුක්ක ප්‍රදේශ වලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ලැබේ.