FAST NEWS

24×7 Around the Globe

සේනා සිදුකළ අස්වනු හානිය ගණනය කිරීම අදින් ඇරඹේ…

 

මේ වන විට රටටම වසංගතයක් වී තිබෙන සේනා දළඹු උවදුර හේතුවෙන් සිදුවූ අස්වනු හානි ගණනය කිරීම අද (24) අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතය. 

මොණරාගල, අම්පාර, බදුල්ල, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් සේනා දළඹු වගා හානි වාර්තාවී ඇත.

කමිටු 03 ක් හරහා සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා මේ වනවිට කටයුතු යොදා ඇති බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, සේනා දළඹු මර්දන ඒකකයේ ප්‍රධානී අනුර විජේතුංග කියා සිටියේය.