FAST NEWS

24×7 Around the Globe

හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් පළමු වරට රක්ෂණ යෝජනා ක්‍රමයක් – ඇමති රිෂාඩ්

 

හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් පළමු වරට “ශිල්ප සුරක්ෂා” නමීන් රක්ෂණ යෝජනා ක‍්‍රමයක් හදුන්වාදීමට තීරණය කර ඇති බවත්, එය මාර්තු මාසයේ සිට ක‍්‍රියාත්මක කරන බවද කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේය.

මෙහි පළමු අදියරේදී හස්ත කර්මාන්ත ශිල්පීන් පන්දහසකට රක්ෂණාවරණය පිරිනැමීමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා රුපියල් ලක්ෂ 70 ක මුදලක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.