FAST NEWS

24×7 Around the Globe

කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනයට ”උත්තර දේවී” එයි…

 

ඉන්දියාවේ සිට ගෙවන ලද නව අති සුඛෝපභෝගී S-13 දුම්රිය දෙකෙන් එකක් පර්යේෂණ ධාවන කටයුතු වලින් පසුව ලබන 30 වනදා සිට කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනයට එක් කිරීමට නියමිතව ඇත.

මෙම දුම්රිය උතුරු දුම්රිය මාර්ගයේ දැනට ධාවනය වන ”උත්තර දේවී” දුම්රිය වශයෙන් ධාවනයට එක්වෙනු ඇත.

කොටුවේ සිට කන්කසන්තුරය දක්වා මෙම දුම්රිය ගමන් ආරම්භ කරනු ලබන්නේ පෙරවරු 11.50 ටය.

මෙම දුම්රියේ වායු සමීකරණය කළ මැදිරි මෙන්ම සාමාන්‍ය මැදිරිද ඇති අතර යෝජිත ගමනට දින 45 කට පෙර ඒ ගමන සදහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගත හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.