මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවි සදහා නව බලපත්‍ර නිකුත් කිරීම අද (23) සිට ආරම්භ වන අතර , ලියාපදිංචි කරන ලද මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවි සහ රිවෝල්වර සඳහා දැනට නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පෙරේදා (21) පියවර ගත්තේය.
එම ගිනි අවි සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම අද සහ හෙට දිනයේත් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය.








