හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්රදානය අද (23) පස්වරු 1.30 ට බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇත.
කර්මාන්ත හා වානිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්වෙයි.
ජාතික ශිල්ප සභාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන හස්ත කර්මාන්ත තරඟයේ ජාතික මට්ටමේ ජයහ්‍රාහකයන් වෙත හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්රදානය කිරීම මෙහිදී සිදුවනු ඇත.






