අද (23) උදෑසන වව්නියාවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියක මැදිරි දෙකක් තලාව සහ ශ්‍රාවස්තිපුර අතර දී එන්ජිමෙන් ගැලවී ගොස් ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.
කෙසේ වෙතත්, ගැලවී ගිය දුම්රිය මැදිරි දෙක එන්ජිම හා සම්බන්ධ කර යළි කොළඹ කොටුව දක්වා පැමිණෙමින් පවතින බව ද පාලක මැදිරිය ප්‍රකාශ කළේය.
සිද්ධියෙන් එම මැදිරිවල ගමන් කළ කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවද පැවසේ.








