FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග විදේශිකයන් තිදෙනෙක් ඇතුළු 05 ක් අල්ලයි…

 

හෙරොයින් කිලෝ ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් සමග විදේශිකයන් තිදෙනෙක් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම මිලියන 1080 ක් පමණ වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඇමරිකානු ජාතිකයින් දෙදෙනෙකු සහ ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ඉතිරි සැකරුවන් ගාල්ල – හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.