පසුගිය නොවැම්බර් මස 15, 16 සහ 17 යන දිනවලදි පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී අවස්ථාවන්වල විමර්ශන කමිටු වාර්තාව අද (22) කථානායකවරයාට භාරදීමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.
ඉන් අනතුරුව එම වාර්තාව කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකරන අතර එහිදී ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරීමක් සිදුකළ හැකිද යන්න සම්බන්ධයෙන් කථානායකවරයා නීතිපතිවරයාගෙන් කරුණු විමසනු ඇත.
පසුව නීතිපතිවරයා විසින් අදාළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව කථානායකවරයා දැනුවත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යෝජනා සම්මත කිරීමක් සිදු කිරීමට නියමිතව තිබෙන බවත් වාර්තා වෙයි.








