2016 සහ 2017 යන වසරවල උසස් පෙළ විභාග ප්‍රතිඵල මත අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා එකවර ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
ඒ අනුව ශිෂ්‍යයින් 8000ක් එකවර බඳවා ගන්නා බව ද , එම බඳවා ගැනීම්වලට අදාල ගැසට් නිවේදනය මේ මස 25 වැනිදා නිකුත් කරන බව ද අධ්‍යාපන කොමසාරිස් කේ.එම්.එච් බණ්ඩාර මහතා පැවසුවේය.








