අවම කාලයක් තුළදී කැණීම් බලපත්‍ර නිකුත් කිරීමට හැකි ‘One Stop Shop’ නම් සංකල්පයක් හදුන්වා දීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කටයුතු කර ඇත.
මෙම සංකල්පය යටතේ බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වීම මගින් ඉදිකිරීම් කර්මාන්ත කටයුතු නිසි වේලාවට නිම කිරීමට නොහැකි වීම මින් වළක්වා ගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
මේ නිසා කර්මාන්තකරුවන් විසින් එල්ල කරන ගැටලු සදහා විසදුමක් ලෙස බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සීමිත කාලයක් තුළ සිදු කොට , සේවා අවශ්‍යතා කඩිනමින් සිදු කර ගැනීම උදෙසා මෙම සංකල්පය ක්‍රියාත්මක කෙරේ.
‘One Stop Shop’ ක්‍රමවේදය යටතේ ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව, කැණීම් ඉංජිනේරු වාර්තාව හා අනෙකුත් අමතර වාර්තා ලැබුණු පසු සතියක් ඇතුළත කැණීම් බලපත්‍රය නිකුත් කරන බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ ඛනිජ හිමිකම් අධ්‍යක්ෂිකා හේමා ලියනාරච්චි මහත්මිය සඳහන් කළාය.






