FAST NEWS

24×7 Around the Globe

මේ වසරේ ගම්පෙරළිය ව්‍යාපෘති අගෝස්තු 21 ට ප්‍රථම පෙර අවසන් කරන්නැයි දැනුම්දෙයි…

 

2019 වසර සදහා සැලසුම් කර ඇති ගම්පෙරළිය සියලු සංවර්ධන ව්‍යාපෘති ලබන අගෝස්තු 21 වනදාට පෙර අවසන් කරන ලෙස මහා භාණ්ඩාගාරය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

මේ වසරේ ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන් සදහා රුපියල් බිලියන 48ක මුදලක් වෙන් කර ඇති බවත් වාර්තා වෙයි.

අදාල ව්‍යාපෘති නිමා කර එහි මුදල් ගෙවීම් ලබන සැප්තැම්බර් මාසයට පෙර අවසන් කළ යුතු බවටත් මහා භාණ්ඩාගාරය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.