FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාර්ඩ් නඩුවේ විත්තිකරුවන්ට විදේශගතවිමට අවසර..

 

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබාදීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ,ඇවන්ට්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහි නඩුව ලබන මස 28 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (21) නියෝග කළේය.

අධි චෝදනා 47 කින් සමන්විත චෝදනා පත්‍රය විත්තිකරුවන් වෙත මීට පෙර භාරදී තිබේ.

මේ අතර විත්තිකරුවන්ට ලබන මස 25 වනදා තෙක් විදේශ ගතවීමට අධිකරණය අවසර ලබා දුන්නේය.