පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත.
ඒ එම දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කැඳවීමකට අනුවයි.
ජනපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ තැත පිළිබඳව සිදුකරන පරීක්ෂණ සඳහා නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බව එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ.








