FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය සංගමයේ නව සභාපතිත්වයට විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය…

 

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 122 වැනි සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පත් කර තිබේ.

විජේසුන්දර මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සර්වාංග විශේෂඥ වෛද්‍ය ලෙස කටයුතු කළ අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පළමු මහාචාර්යවරියයි.

වෛද්‍ය විජේසුන්දර මහත්මිය ශ්‍රී ලංකා සර්වාංග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ධුරයද දරනු ලැබීය.

එමෙන්ම  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපතිවරුන් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ කථිකාචාර්ය වෛද්‍ය පණ්ඩුක කරුණානායක මහතා සහ ශ්වශන රෝග විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර මහතා ද පත් කර තිබේ.