වයඹ සරසවියේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට පහරදීමේ චෝදනාවකට එම සරසවියේම ජ්‍යෙෂ්ඨ සිසුන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගේ නවක වදයට එරෙහිවීම ඊට හේතුවී තිබේ.
පහරදීම සිදුකළ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස මෝටර් රථයකින් නවක සිසුන් සිටින ස්ථානයට පැමිණ පහරදීම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇති බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සිසුන් 13 දෙනා අද (21) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.








