අද අලූයම 3.15 ට පමණ වෙන්නප්පුව – නයිනමඩම පාලම අසළදී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තවත් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
හලාවත දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දිශාවටම ධාවනයවූ මාළු ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඉන් දෙදෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර, තවත් අයෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර එවා තිබෙන බවත් පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.








