දෙමටගොඩ තෙල් සංස්ථාව තුල සිදුවු වෙඩි තැබිම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කර සිටි කොළඹ නාගරික මන්ත්රී කේ.ජී කුලතිස්ස මහතාව ඇප මත නිදිහස් කිරිමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (18) නියෝග කළේය.
රුපියල් දහදාහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර අප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කෙරිණි.








