FAST NEWS

24×7 Around the Globe

ප්‍රථම වතාවට රථවාහන සදහා ආරක්ෂිත චිපයක් හදුන්වාදීමට යයි…

 

ප්‍රථම වතාවට රථවාහන සදහා ආරක්ෂිත චිපයක් සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අදාළ චිපය තුළට රථවාහනයේ, යතුරුපැදියේ හෝ ට්‍රැක්ටරයේ අංකය ඇතුළු දත්ත ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ.

මෙමගින් රථවාහන අක්‍රමිකතා වළක්වාගැනීමටත්, අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී සහ වාහන නවතා තබන ස්ථානවලදී විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සිදුකරන ගෙවීම් පහසුකරගැනීමත් සිදුකිරීමට නියමිතව ඇත.

අදාළ චිපය සහිත ස්ටිකරය රථවාහනවල ඉදිරිපස වීදුරුවේත්, යතුරුපැදිවල හා ට්‍රැක්ටර් රථවල ඉදිරිපස ප්‍රධාන විදුලි ලාම්පුවේත් සවිකිරීමට නියමිතය.

මෙම ක්‍රමය ප්‍රථමයෙන්ම අලුතින් ලියාපදිංචි වන සියලුම වාහනවලට හඳුන්වාදීමට නියමිත අතර, ඉන්පසුව දැනට භාවිත කරන වාහනවලට හඳුන්වාදීම සිදුකරන බව ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම චිපයේ ඇති දත්ත හඳුනාගැනීම සඳහා පොලීසියට උපකරණ ලබාදීමටද සැලසුම් කර ඇත.