FAST NEWS

24×7 Around the Globe

KDU නව උපකුලපති ධූරයට සාගර කොටකදෙණිය මහතා පත්කරයි…

 

ශි‍්‍රමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා පත්කරනු ලැබූ අතර ඔහු පෙරේදා (16) සිය ධූරයේ වැඩ භාර ගත්තේය.

1985 ජුලි මස 03 වන දින කැඩෙටි නිළධාරියෙකු ලෙස ගුවන් හමුදවට එක්වූ ඔහු 1987 ජනවාරි මස 01 වන දින අධිකාරියට පත්ව නියමු නිලධාරියෙකු ලෙස නියමු පොදු රාජකාරි ඇරඹුවේය.

සාගර කොටකදෙණිය මහතා සිය සේවා කාලය තුල දෙස් විදේස් වෘත්තිිය පුහුණු පාඨමාලා රැසකට සහභාගී වි ඇති අතර චිනයේ බිජිං විශ්ව විදලයේ උපාධිධාරියකු වන කොටකදෙණිය මහතා මදුරාසි විශ්ව විද්‍යාලයේ ආරක්ෂක හා උපාය මාර්ග කළමනාකරණ අධ්‍යයන ශාස්ත‍්‍රපති උපාධියද ලබා ඇත.