FAST NEWS

24×7 Around the Globe

“පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සුදුසුයි “

 

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාවේ මතය වී ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් සමඟ ඊයේ (17) පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

පළාත් සභා ඡන්ද විමසීම දැනට බලය ක්‍රියාත්මක නොවන නව ක්‍රමයට පැවැත්වීමට වඩා පැරණි පැරණි ක්‍රමයට පැවැත්වීම සුදුසු බව එහිදී හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර මැතිවරණ නොමැතිවීම පිළිබඳ කණගාටු නොවන බවත් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමිවීම සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව කණගාටුවෙන් පසුවන බවද එ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.