FAST NEWS

24×7 Around the Globe

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහිව වෙස් මිනිස්ටර් අධිකරණයේ නඩුවක්..

 

මරණීය තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ චෝදනා මත ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව කොටි ඩයස්පෝරාව වෙස් මිනිස්ටර් අධිකරණය හමුවේ නඩු පවරා ඇති බවත් මෙම නඩුව ජනවාරි 21 දා විභාගයට ගැනීමට එම අධිකරණය ඊයේ (17) තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ නඩුවේ පැමිණිලිකරු ලන්ඩන් නුවර ප‍්‍රධාන පෙළේ කොටි ක‍්‍රියාකාරිකයකු වූ මජුරන් සතානන්දන් නමැත්තා වන බවත් නඩුවේ සාක්‍ෂිකරුවන් ලෙස පල්ලිය ගුරුගේ සහ විනෝද් පි‍්‍රයන්ත පෙරේරා යන දෙදෙනා නම්කර ඇතැයිද පැවසේ.

ශී‍්‍ර ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුට එරෙහිව බි‍්‍රතාන්‍ය අධිකරණය ඉදිරියේ පැවරූ මුල්ම නඩුව මෙය වන බවත් කියැවේ.

2018 ජනවාරි 4 දා ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය අසලදී බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා හස්ත සංඥාවක් මගින් මරණ තර්ජන එල්ල කළ බවත් ඒ ගැන ලන්ඩන් පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල ගැන පොලිසිය කි‍්‍රයා කළේ නැති බව, පැමිණිලිකරු වන සත්‍යානන්දන් සිය පැමිණිල්ලේ දක්වා ඇති බවත් පැවසේ.

බි‍්‍රතාන්‍ය මහජන ආරක්‍ෂක පනතේ 4 වැනි වගන්තිය යටතේ මේ නඩුව ගොනු කරන බවද පැමිණිලිකරුගේ නීතිවේදියා සඳහන් කර ඇති බව වාර්තා වේ.