FAST NEWS

24×7 Around the Globe

වසර පුරාවට සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ 05 ක්…

 

මේ වසර පුරාවට සූර්යග්‍රහණ 03 ක් සහ චන්ද්‍රග්‍රහණ 02 ක් ඇතිවන බවත් , ඉන් ශ්‍රී ලංකාවට දර්ශනය වනුයේ දෙකක් පමණක් බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය සදහන් කරයි.

ජනවාරි 06, ජූලි 02 සහ දෙසැම්බර් 26 යන දිනවල සූර්යග්‍රහණද ජනවාරි 21 සහ ජූලි 16 යන දිනවල චන්ද්‍රග්‍රහණද ඇති වන අතර ලංකාවට දර්ශනය වනුයේ ජූලි 16 වනදින අර්ධ චන්ද්‍රග්‍රහණය සහ දෙසැම්බර් 26 වනදින වළයාකාර සූර්යග්‍රහණය පමණි.