FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සති දෙකකින් පස්සට..

2019 පෙබරවාරී මස 07 වන දින පැවැත්විමට නියමීතව තිබු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සති දෙකක කාලයක කාලයකින් කල් දැමීමට ක්‍රිඩා අමාත්‍යවරයා තීරණය කර තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව පවතින නෛතික අවශ්‍යතාවය මත මෙම නිලවරණය 2019 පෙබරවාරී මස 21 වන දා දක්වා සති දෙකකින් කල් දැමීමට අවශ්‍ය බව සඳහන් කරමින් ක්‍රිඩා අමාත්‍යවරයා 2019.01.16 වන දින ක්‍රීඩා පනතේ 39(1) වගන්ති ප්‍රකාරව විශේෂ විධානයක් නිකුත් කර ඇත.

ඒ අනුව2019.02.21 වන දින ශ්‍රි ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා අදාළ ඉදිරි පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශ, ලේකම් චුලානන්ද පෙරේරා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බව එම අමාත්‍යාංශය කියයි.