FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති අරමුදල ලබන 18 වැනිදා සිට ලේක්හවුස් ගොඩනැගිල්ල වෙතට…

 

ජනාධිපති අරමුදල ලබන 18 වැනිදා සිට කොළඹ 10, ඩී.ආර්.විජේවර්ධන මාවත, ලේක්හවුස් ගොඩනැගිල්ල, තුන්වැනි මහල අංක 35 දරණ ස්ථානයේ පිහිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ , ජනතාවට වඩාත් පුළුල් සහ කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කරගනිමින්.

ජනාධිපති අරමුදල දැනට ක්‍රියාත්මක වන්නේ, කොළඹ 01, ජනාධිපති මාවත, රේණුකා ගොඩනැගිල්ල, අංක 41 දරණ ස්ථානයේයි.

ජනාධිපති අරමුදලේ සේවා කටයුතු ජනවාරි 21 සිට යථා පරිදි සිදුකරනු ඇති බවත් ජනතාවට දැනුම් දෙයි.

ඒ අනුව කිසියම් අවශ්‍යතාවක් පවතී නම් ජනතාවට 011-2331245, 011-2431610 සහ 011-2382316 යන දුරකථන අංක මගින් ජනාධිපති අරමුදල හා සම්බන්ධ විය හැකියි.