FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර නිරුපද්‍රතා සහතිකය දිනාගනී…

 

 

ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2020 දෙසැම්බර් 04 දක්වා වූ ඉදිරි වසර දෙකක කාලයක් සදහා ජාත්‍යන්තර මෙහෙයුම් නිරුපද්‍රතා විගණන සහතිකය (IOSA) හිමි කරගැනීමට සමත්වී ඇත.

මෙම සහතිකය පිරිනමනු ලබන්නේ ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රවාහන සංගමය (IATA) මගින් සිදු කරන ලද ඇගයීමකින් සහ නියාමනයකින් අනතුරුවයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් පිරිනමනු ලබන මගී සුවපහසුව , ඔවුන්ගේ ආරක්ෂාව සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග , මගී විශ්වසනීයත්වය , ගුවන් යානා වල සහ සිය සේවා වල කාළණුගතිකත්වය පදනම් කර ගනිමින් එහි කළමනාකාරිත්වය සහ පාලන පද්ධතිය ඇගැයීමකට ලක් කරමින් මෙම විගණන සහතිකය පිරිනමා තිබේ.

පසුගිය 2006 වසරේ දී ද මෙම නිරුපද්‍රතා සහතිකය දිනාගැනීමට සමත් වූ පළමු ආසියානු කලාප ගුවන් සේවය ලෙසට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමත් විය.