ලංකාව තුළ මේ වන විට පවතින දිවුල් ප්‍රභේද වලට අමතරව නව ප්‍රභේද දෙකක් දිවුල් පර්යේෂණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හදුන්වාදී ඇත.
මේ අනුව ලංකාව තුළ පවතින දිවුල් ප්‍රභේද ප්‍රමාණය 176 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික කෘෂි තොතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.
ANK-1 හා ANK-2 ලෙස මෙම නව ප්‍රභේදයන් නම්කර ඇත.
මෙම පැළ අඟුණකොළපැලැස්ස මාංශ හා තෙල් භෝග පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් ලබාගත හැකි බවද එම මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සහන් බණ්ඩාර මහතා කියා සිටියේය.
මෙහිදී ඉතිහාසයේ පළමු වතාවට වසර පුරාම පලදාව හටගැනීම සිදුවන බවද වාර්තා වෙයි.
ලංකාවට අවශ්‍ය දිවුල් ලංකාව තුළම මේ වනවිට නිෂ්පාදනය වන බවද සහන් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.






