මුහුදු මාර්ගයෙන් කුඩා ළමයින් ඇතුළු ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 34 දෙනකු ජාවාරම් කිරීම වලක්වාලීම සම්බන්ධයෙන් මැලේසියාවට සිය ස්තුතිය පුද කරන බව ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටන් කියයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මැලේසියානු පොලිසිය පවසයි. මෙම මිනිස් ජාවාරම්කාර ශ්‍රීලාංකිකයන් මැලේසියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවලට ජනයා ප්‍රවාහනය කර ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම පිරිස අතර ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු සිට ඇති බවත් ඒ අතර පිරිමි 12 දෙනෙකු, කාන්තාවන් 8 දෙනෙකු, පිරිමි දරුවන් 2 දෙනෙකු, ගැහැනු දරුවන් 2 දෙනෙකු සිටි බව මැලේසියානු පොලිසිය පවසයි.
ඊට අමතරව ඉන්දීය පුරවැසියන් 10 දෙනෙකු සිටි බවත් ඒ අතර පිරිමි 4 දෙනෙකු, කාන්තාවන් 3 දෙනෙකු, ගැහැනු ළමයින් 3 දෙනෙකු ද සිටින බව වාර්තා වෙයි.
රාජකීය මැලේසියානු පොලීසිය මැලේසියාවේ බටහිර වෙරළ තීරයේ පෝට් ක්ලැංහි දී පසුගිය ජනවාරි 4 වැනි දා සිදු කළ මෙහෙයුමක දී අදාළ පිරිස අත්අඩංගුවට ගැනිණි. මෙම මිනිස් ජාවාරම්කාර ශ්‍රීලාංකිකයන් අදාළ පිරිස මැලේසියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවලට ගෙන යාම පිණිස සැලසුම් කර ඇති බව ද වාර්තා විය.
“මෙම ව්‍යාපාරයේ සංවිධානාත්මක ව්‍යූහය පෙන්නුම් කරන්නේ, සාපරාධී මිනිස් ජාවාරම්කරුවන් සිය කටයුතුවලින් ඉවත් නොවී, ඔවුන්ගේ කලාපය තුළ අවදානම් සහිත පුද්ගලයින් සූරාකෑම අඛණ්ඩව සිදු කරන බවයි. ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය තුළ මේ පිරිසගේ බලාපොරොත්තු දල්වමින්, තම ජාවාරම දිගටම සිදු කර ගෙන යාම මේ පිරිසගේ වුවමනාවය‘යි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටන් කියයි.








