FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට…

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිට ඇත.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කර ඇති බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

අදාළ නඩු විභාගය ලබන 22 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තීරණය කර තිබේ.

මෙම නඩුව විභාගයට ගැනෙන්නේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.